පොලිස්පති දේශබන්දුට අධිකරණයෙන් තහනමක්… රටට නව පොලිස්පතිවරයෙක්….!

July 24, 2024 at 9:53 am | by emanisa.lk

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධීකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ඇතුළු පාර්ශ්ව අටක් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට අවසර දෙමින් විනිසුරු මඩුල්ල අද (24) මෙම තීන්දුව ලබා දී තිබේ.

අදාළ පෙත්සම් විභාග කොට අවසන් වන තුරු බලපැවැත්වෙන ආකාරයට මෙම තීන්දුව ලබා දුන් අතර ඒ යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල විසිනි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථාදායක සභාව විධිමත් ලෙස අනුමත කර නොමැති බව ප්‍රකාශ කරමින් මෙම පෙත්සම් ගොනු තිබේ.

අදාළ පෙත්සම විභාගයට ගන්නා කාලය තුළ කටයුතු කිරීමට වෙනත් පොලිස්පතිවරයෙක් පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධීකරණය ජනාධිපතිවරයාට නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *