දේශපාලන ගැට පිටුපස නොයා රජයත් සමග සාකච්ඡා කර වී මිලේ ප්රශ්නය විසඳා ගන්නැයි තමන් ගොවි ජනතාවගෙන් ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටින බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.
“ඒක ඉතින් රටේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔයාලා හැමදාම අපෙන් නිව්ස් ගන්නවා, අපිත් මොනවාහරි කියනවා, ගොවියොත් මොනවාහරි කියනවා, දේශපාලනඥයොත් මොනවාහරි කියනවා. නමුත් ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලා නෑ.
වීවල අතිරික්තයක් තියෙනවා, නමුත් මේ අවශ්‍ය වී වර්ග නෙවෙයි තියෙන්නෙ. මේ අතිරික්තය කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ක්රමානුකූල විදියට අවශ්‍ය නිෂ්පාදන අපේ වෙළඳපොලට ආවා නම්. දැන් මේ තියෙන්නෙ නාඩු විතරමයි දැන් කන්න දෙකක් තිස්සේ. ඉතින් ඒකට විශේෂ හේතුත් තියෙනවා. දැන් කීරිසම්බාවලට වාගෙ දාලා තියෙන මිල ගණන් මදි. ගොවියො ඒ පිළිබඳ අවධානය යොමුකරලා වෙන්න ඇති නාඩු විතරක්ම වගා කරන්නෙ.
මම බොහොම වුවමනාවෙන් ඉල්ලා සිටිනවා ගොවියනුත් දේශපාලන ගැට පිටිපස්සේ යන්නෙ නැතිව පාලකයින් සමග, රජයත් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා නම් තමයි මේකට විසඳුමක් ගන්න පුළුවන්. ඔයාලා කාගෙවත් දේශපාලන අතකොලුවක් නම් වෙන්න එපා කියන එක තමයි මගේ පෞද්ගලික මතය.”
ඩඩ්ලි සිරිසේන මේ බව පැවසුවේ ඊයේ (27) පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.