දේශපාලන අනාවැකි කීම මහ බැංකු අධිපතිගේ වැඩක් නෙමෙයි…! – හඳුන්නෙත්ති…

May 12, 2024 at 9:50 am | by emanisa.lk

රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය න්‍යායාත්මක කටයුතු සිදුකිරීම මහ බැංකු අධිපතිවරයාගේ කාර්යභාරය බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

රටේ අනාගතය සම්බන්ධයෙන් දේශපාලන අනාවැකි කීම මහ බැංකු අධිපතිවරයාගේ කාර්යය නොවන බවයි, ඔහු අවධාරණය කළේ.

එන ආණ්ඩුව හෝ පාලකයා විසින් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වර්තමානය සමඟ සංසන්දනය කොට ප්‍රකාශ නොකළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට පසු වර්තමාන වැඩපිළිවෙළ වෙනස් වුවහොත් නැවත ආර්ථික අර්බුදයක් මතු වීමේ අවධානමක් ඇති බවට මහ බැංකු අධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *