දේශප්‍රේමයට මුවාවෙලා රට බංකොලොත් වෙනකල් හූරගෙන කෑවා…! – නජිත් ඉන්දික…

October 5, 2026 at 12:21 pm | by emanisa.lk

දේශප්‍රේමය යනු සිංහල භාෂාවේ වැඩිපුරම අපයෝජනය වූ වචනයක් බවද දේශප්‍රේමයට මුවා වී මේ රටේ නොකළ යුතු සියල්ලම පිරිසක් විසින් සිදුකර ඇතැයිද ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

ඔවුන් දේශප්‍රේමය පිළිබඳ කතා කරමින් රට බංකොලොත් වන තුරු මුළු දේශයම හූරාගෙන කෑ බවත් සියලු අපරාධ කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

විජය කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ආදීන් දේශපාලන පළිගැනීම් ලෙස සිරගත වූ අවස්ථාවල දෑත් ඔසවා මාංචු ප්‍රදර්ශනය කරමින් එළියට ආවද දැවැන්ත හොරකමක් සිදුකර අල්ලස් ලබා ගෙන සිරගතවූ විට එලෙස මාංචු ප්‍රදර්ශනය කළ හැකිදැයි නජිත් ඉන්දික ප්‍රශ්න කරයි.

ඊයේ (04) තරුණ සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *