දේශද්‍රෝහි අපි ජනතාව එක්ක දුක් විඳිනවා..! දේශප්‍රේමී නායකයින් නිවාඩුවට මව්බිමට ගිහිල්ලා..! – එජාපය..

December 26, 2021 at 3:21 pm | by emanisa.lk

විදේශ බලවේග යන හංවඩුවට ලක්වූ එජාප නායකයන් අද දුක්විඳින ජනතාව සමඟ මව්බිමේ සිටිද්දී දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඉදිරියේදීවත් බොරු වචනවලට නොරැවටී ඇත්ත දේශප්‍රේමීන් කවුදැයි ජනතාව විසින් තේරුම් ගත යුතුව ඇතැයි දහිටපු ඇමැතිවරයා අවධාරණය කළේය.

සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නට යැයි කියා බලයට පැමිණි කල්ලිය විසින් අද රටේ තුන් බියක් නිර්මාණය කර තිබෙන බව කී අකිල විරාජ්, බුදුන්ගේ දවස විශාලා මහනුවරට බලපෑ දුර්භික්ෂ බිය, රෝග බිය මෙන්ම අමනුෂ්‍ය බිය අද ලංකා සමාජයේ ව්‍යප්ත වෙන්නට පටන් ගෙන තිබෙන බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *