රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන පවසයි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ජනරාල්වරයා අවධාරණය කරන්නේ දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවයි.
දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බව ද හෙතෙම සඳහන් කළේය.
කතරගම මහා දේවාලයේ මුදල් හා රන් භාණ්ඩ ගැන මෙන්ම කපු මහතුන් සේවයට යොදා ගැනීමේ බලය ද බස්නායක නිලමේවරයාට පැවැරෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවැසීය.