දෙමළ සන්ධාන බෙදුම්වාදී කඳවුරට දරුණු අතුල් පහරක්….! යාපනේ තරුණයින් 1600ක් රට රකින්න හමුදාවට…!

April 16, 2021 at 6:58 am | by emanisa.lk

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ පසුගිය මාස තුනේ දී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තවමත් බෙදුම්වාදි මත දරන විවිධ කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් එකතු වීම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කරන බව ද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *