දෙමළ සන්ධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට හදිසියේ ම විරෝධතාවක් ආරම්භ කර තිබේ.
පෙර කිසිදු දැනුම් දීමකින් තොරව ජනාධිපතිවරයා හමුවිය යුතු බව කියමින් මෙම විරෝධතා දියත් කර ඇත.
ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා කාර්යාලයෙන් බැහැර ගොස් ඇති අතර අගමැතිවරයා හමු වීමට ලබා දුන් අවස්ථාව ද ප්‍රතික්ෂේප කර ඇත.
සී.වී. විග්නේෂ්වරන්, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාව දියත් කර ඇත. ළඝඑන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙනුවෙන් ආණ්ඩු විරෝධි මතයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.