දෙමළ සන්ධානයේ උතුරේ බලය දෙදරයි…! යාපනේ නගරාධිපති ධුරය අහිමි වෙයි…!

December 31, 2020 at 5:06 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයට බලය හිමිව තිබූ යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ විශ්වලිංගම් මනිවන්නන් ඊයේ (30) පත් විය.

2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවැනි වරටත් පරාජයට පත්වීම හා තනි පක්ෂයක් වෙත සියයට පනහක බලයක් නොමැතිවීම හේතුවෙන් යාපනය මහ නගර සභාවට නව නගරාධිපතිවරයකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්විණි.

උතුරු පළාත් පාලන කොමසාරිස් ෆැට්‍රික් නිරන්ජන්ගේ මෙහෙයවීම යටතේ එම ඡන්දය පැවැත්වීය.ඒ අනුව නව නගරාධිපති ලෙස ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ විශ්වලිංගම් මනිවනන් මෙසේ පත්විය.

ඔහුට ඡන්ද 21ක්ද, හිටපු නගරාධිපති වූ දෙමළ ජාතික සන්ධාන නියෝජිත එමානුවේල් ආනෝල්ඩ්ට ඡන්ද 20ක්ද හිමි වූ අතර එහි දී වැඩි ඡන්දයක් ලබා විශ්වලිංගම් මනිවනන් තේරී පත්වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *