දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා…! – ජනපති…

November 11, 2024 at 9:05 am | by emanisa.lk

නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ රට හැම අතින්ම බෙදිලා තියෙන රටක්. හැබැයි අපේ රටට ඉස්සරහට යන්න බැහැ මෙහෙම බෙදිලා. අපේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කරන්න ඕන.

එකතු කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ නායකයින් ඉන්න එක ව්‍යාපාරයක් හදන්න ඕනේ. අන්න ඒ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය.

සියලු දෙනා සමගි කරන දේශපාලන ව්‍යාපාරය දිනවන්න ඕනේ. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන තියෙන උතුරේ ඉඩම් යළි එම ජනතාවට ලබාදෙන්න.

යුද්ධයක් තිබුණා ඒකෙන් විශාල විනාශයක් වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කරන්න ලෑස්තියි.”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) වව්නියාවේදී පැවති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *