දෙන්නෙක් රකින්න මිලියන 22ක් ජනතාවට තවත් බදු ගහන්න හදනවා…!

October 25, 2024 at 2:28 pm | by emanisa.lk

දේශීය ටයිල් නිෂ්පාදකයන් දෙදෙනකු ආරක්ෂා කිරීම සඳහා ආනයනික ටයිල් මත පනවා ඇති තීරු බදු තවදුරටත් වැඩි කිරීමේ සුදානමක් ඇති බවට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

කොළඹ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර රජයෙන් ඉල්ලා සිටියේ එලෙස පාර්ශ්වයන් දෙකක් ආරක්ෂා කිරීම මිලියන 22ක ජනතාවගේ ඉදිකිරීම් සිහිනයට පහර ගැසීමක් බවත් පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාවගේ එම සිහිනයන් කඩා බිඳ නොදමන ලෙසත්ය.

ආනයනික ටයිල් මත දැනට පනවා ඇති සියයට 130ක බද්දට අමතරව මෙලෙස තවත් තීරු බද්දක් පැනවීමට කටයුතු නොකර ටයිල් මිල අඩු කර පාරිභෝගිකයාට සහන ලබා දීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බවද ලේකම්වරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *