කොවිඩ් මෘතදේහ සඳහා බොඩිබෑග් සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා සපයන සාම්පල් වෙනුවට ගුණාත්මකභාවයෙන් අඩු බොඩිබෑග් සපයන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත.
එසේ ම බොඩි බෑග් මිල දී ගැනීම සඳහා මේ සතියේ කැඳවූ ටෙන්ඩරයක දී එක් සැපයුම්කරුවකුට ටෙන්ඩරය ලබාදීම සඳහා වෙනත් සමාගමක සාම්පලයක් ඉදිරිපත් කිරීමට කළ සැලැස්මක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අනාවරණය කර ගෙන ඇත.
ඒ සමග වෙනත් සමාගමක සාම්පලයකට ලේබලයක් ගසා ටෙන්ඩරය ලබාදීමට එම නිලධාරියකු කළ උත්සාහය මෙහිදී වැලකී ගොස් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ අරඹා ඇති විමර්ශනයක දී වැල්ලවතතේ පිහිටි අදාළ සමාගමේ ගබඩාවේ ඇත්තේ ටෙන්ඩරයට ලබාදුන් සාම්පලය නොවන බව ද හෙළි වී ඇත.
මේ අයුරින් ටෙන්ඩර්වල දී වෙනත් සාම්පල ලබා දී තොග සැපයුමේ දී තත්ත්වයෙන් බාල භාණ්ඩ ලබාදීමටත්, වෙනත් සමාගම්වල සාම්පල මාරුකර ටෙන්ඩර් අනුමත කර ගැනීමටත් දූෂිත නිලධාරීන් පිරිසක් කටයුතු කරගෙන යන බව හෙළිවී ඇත.