පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්වූ වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලකට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නියෝජ්ය වන සංරක්ෂක ලෙස ඇය පත් කර ඇත.
ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානි ජයතිලක, කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම, නීතිවිරෝධී ඉදිකිරීම් වැළැක්වීම සහ නුවර අධිවේගී මාර්ගයේ තිබූ දුර්ලභ පඬු කරඳ ශාකය සංරක්ෂණය කිරීම සිදුවීම් සමග සමාජයේ විශේෂ අවධානයට ලක්විය.