ආණ්ඩුවේ තවත් විශිෂ්ට තීන්දුවක්! දුරකතන හිමියන්ට සතුටුදායක පුවතක්! බලහත්කාරයෙන් එවන SMS නවතයි!

January 20, 2020 at 8:41 pm | by emanisa.lk

මෙරට ජංගම දුරකථන සමාගම් පාරිභෝගික අනුමැතිය ලබා නොගෙන එවනු ලබන වෙළඳ දැන්වීම් කෙටිපණිවිඩ නතර කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

එම පණිවිඩ නතර කිරීමට පියවර ගන්නා ලෙසත් නැතහොත් ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලට දන්වා ඇත.

මෙවන් පණිවුඩ තමන්ට බාධාවක් බවටත් සමහර පණිවුඩවලට මුදල් අය කිරීමක් සිදුවන බවටත් ලැබුණු පාරිභෝගික පැමිණිලි මත මෙම තීරණය ගෙන ඇත.

පාරිභෝගිකයන්ගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන මුදල් අය කරනු ලබන එවන් පණිවිඩද වහා නවතන ලෙස සභා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

මෙම නියෝගය සඳහා මෙරට සියලු ජංගම දුරකථන සමාගම් කැමැත්ත පළකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස