ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පිහිටුවා ඇත.
මෙම යෝජනාව පිළිබඳව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (24) මාධ්‍ය වෙත මෙසේ ද පැවසීය.
“මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්.
මම අද කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. මගී ජනතාවගේ ඉල්ලීම තිබුණේ දුම්රිය පුද්ගලීකරණය කරන්න. ඒක කවදාවත් කරන්න බෑ. මම කිව්වා පුද්ගලීකරණය කරන්නේ නැතුව මේක අධිකාරියක් කරලා හදන්න පුළුවන් අපිට කාලයක් දෙන්න කියලා. එහෙම දීලා තියෙද්දිත් මේ විදියට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මිනිස්සුන්ව පෙළනවා නම් ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා.”