දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව අනාථයි…! දුම්රිය ගමන් 65ක් අවලංගුයි…!

July 25, 2023 at 8:07 am | by emanisa.lk

දුම්රිය රියැදුරු සංගමය විසින් පෙරේදා (23) ක්ෂණිකව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් ඊයේ ද (24) කාර්යාල දුම්රිය 11 ක් ඇතුළුව දුම්රිය ගමන් 65 ක් අවලංගු විය. ඒ අනුව ඉරිදා සහ සඳුදා දෙදින අවලංගු වූ දුම්රිය ගමන් වාර ගණන 80කි.

පෙර දැනුම් දීමකින් තොරව හදිසියේ ක්‍රියාත්මක කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අසීරුවට පත් වූ අතර ඔවුහු දැඩි කනස්සල්ලෙන් ආණ්ඩුවට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට දොස් තබමින් සිය ගමන් බිමන් සපුරා ගැනීමට විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිත කළහ.

වර්ජනයක් පැවැතිය ද ඇතැම් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වූ බැවින් ඒවායේ දැඩි තදබදයක් දක්නට ලැබිණි. ඇතැම් මගීන් දුම්රිය එන්ජින්වලද නැගී පැමිණෙන අයුරු දිස් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *