දුම්රිය ගාස්තු නංවයි..! මහනුවරට රු. 1000යි..!

March 24, 2022 at 4:51 pm | by emanisa.lk

උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ නගරාන්තර දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා පළමුවන පන්තියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 1000කි. මීට අමතරව, දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබේ. තුන්වන පන්තියේ ගාස්තුව ද රුපියල් 300 දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත.

රට තුළ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් අදාළ දුම්රිය ගාස්තු ඉහළ දැමූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වුව ද දුම්රිය වෘත්තීය සමිති මෙයට පෙර දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *