දිව්‍යලෝකයට යාම පිණිස ජීවිතය අත්හැරිය යුතු බවට මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු ගැන පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
බෞද්ධ දර්ශනය යැයි හුවාදක්වමින් රුවන් ප්‍රසන්න නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇතැයි හෙළි වී ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනකුද සිටින බව හෙළි වී ඇත.
දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනකු ඔවුන් අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.