මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැලිය හෙට (17) යාපනය රක්කාපිටියෙන් ආරම්භ කරන බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක අපේක්ෂකයෙක් යාපනයෙන් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි.
මේ වන විට නාමල් රාජපක්ෂට 3% ඉක්මවා ඡන්ද ලබා ගැනීම අභියෝගයක් වන අතර මහින්ද රාජපක්ෂ ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමට නම් මැතිවරණ වේදිකාවට ගොඩනොවිය යුතු බව ද උදය ගම්මන්පිල සඳහන් කරයි.
අද (16) සර්වජන බලය මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.