දියඇලි නරඹන්න ගාස්තුවක්…!

December 2, 2023 at 8:52 am | by emanisa.lk

ග්‍රාමීය ප්‍රදේශවල තිබෙන දිය ඇලි ඇතුළු සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන පළාත් පාලන ආයතනවලට පවරාගෙන සංචාරකයින්ගෙන් ගාස්තුවක් අය කිරීමට රජය සැලසුම් කර ඇත.

දිය ඇලි නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ඇතැම් පළාත් පාලන ආයතන විසින් මුදල් අය කරනු ලැබුවත් එම ස්ථානවල සංචාරකයින්ට අවශ්‍ය මූලික පහසුකම් පවා ​නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර සඳහන් කරයි.

එහෙයින් මෙවැනි ස්ථානවල සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මෙලෙස සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට පළාත් පාලන ආයනත සඳහා රුපියල් මිලියන දහයක මුදලක් ලබාදීමට ද අමාත්‍යංශය සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *