හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වූ කණ්ඩායම දිලිත් ජයවීර මහතාගේ මවුබිම ජනතා පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ තම කණ්ඩායම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ආකාරය ගැන සාකච්ඡා කිරීමට දිලිත් ජයවීර මහතා හමුවන බවය.
මේ වන විට හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මවුබිම ජනතා පක්ෂය සමග එක්වී ඇති අතර ඔහුට එහි ජාතික සංවිධායක ධුරය ද පිරිනමා තිබේ. එම පක්ෂය සමග විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටිති.