දිනේෂ් ඝතනය කළේ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්…?

December 16, 2022 at 3:37 pm | by emanisa.lk

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් ඝාතනයට සම්බන්ධ බවට සැකකරන හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විචාරකයා බ්‍රයන් තෝමස් බව වාර්තා වෙයි.

ඔහු විසින් දිනේෂ් ශාෆ්ටර්ගෙන් කෝටි 14.3ක් හෙවත් මිලියන 143කට අධික මුදලක් ණයට ගෙන ඇති අතර අදාළ ණය මුදල නොගෙවීම නිසා මෙයට පෙර බ්‍රයන් තෝමස් පොලිස් අත්අඩංගුවට ද පත්ව ඇත.

මේ වන විට පොලිසිය බ්‍රයන් තෝමස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. බ්‍රයන් තෝමස් ජාවාරම්කාරයින් සමග එක්ව කළු සල්ලි සුදු කරන බවට ද මෙයට පෙර චෝදනා එල්ල වී තිබිණි.

බ්‍රයන් තෝමස් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *