ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඇතැම් අයට තනතුරු නොමැතිව සිටිය නොහැකි රෝගයක් ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළය.
“බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයේ ඉඳලාම එක දිගට මේ පක්ෂයට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපට 17 අවුරුද්දක් ජේ.ආර්ගේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ විඳින්න තියෙන දුක් ඔක්කෝම දුන්නා. මම හිරෙත් ගියා.
බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව මම පොළොන්නරුවේ මහ පාරේ නිදා ගත්තා දෙතුන් දාහක් එක්ක. මාව කනෙන් අල්ලගෙන පස්ස පැත්තට පයින් ගහලා ජීප් එකේ දාගෙන ගිහිල්ලා අනුරාධපුරේ හිරගෙදර තිබ්බා මාස තුනක්.
එදා අපි 17 අවුරුද්දක් දුක් වින්ඳා. අපේ කිසි කෙනෙක් ඒ ආණ්ඩුවකට ගියේ නැහැ ඇමතිකමක් ඉල්ලගෙන. සංස්ථාවක සභාපතිකමක් ඉල්ලගෙන ගියේ නැහැ. 1994 ඉඳලා 25 අවුරුද්දකට වැඩිය එක දිගට අපි රට පාලනය කරලා තියෙනවා. ඒ කාලේ රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අයට අද අසනීපයක් තියෙනවා, ආණ්ඩු බලය තුළ ඉඳලා ම තනතුරු නැතුව බැහැ. ඒ්ක රෝගයක්. අපි මෙහෙම ඉතිහාසය තුළ පක්ෂ නායකයගේ ඉඳලා වැටිලා තියෙනවා. වැටිලා අපි ඔළුව උස්සලා තියෙනවා. ඒ් නිසා අපිට ඔළුව උස්සන්න බැරි කමක් නැහැ.”