ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම ඉතා ම අපහසු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
එසේ ම එම කොන්දේසි වෙනස් කිරීමේ හැකියාවක් හෝ නොමැති බවත් එහෙයින් දැන් රටේ ආර්ථිකය ගැන කතා කළ යුත්තේ ඒ පිළිබඳ තීන්දු ගන්න වොෂින්ටනයට ගොස් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
තමා වසර 09ක් මහ බැංකු අධිපති ධූරයෙහි කටයුතු කළ බවත් එකල ආර්ථික අවපාතයක් පැමිණිය ද තෙල් මිල ඉහළ ගිය ද රටේ යුද්ධයක් කළ ද කිසිදු අවස්ථාවක ජනතාව ඉදිරියට පැමිණ නාහෙන් ඇඬුවේ නැති බවත් සියලු තත්ත්ව කළමනාකරණය කළ බවත් අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළේය.