දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා…! – ඇමතිනි සරෝජා පෝල්රාජ්

June 26, 2026 at 9:36 am | by emanisa.lk

මෑත කාලයේ පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩි වී ඇති බව කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.

රට පුරාම සෑම පාසලකටම මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩි වී ඇති බවටද අමාත්‍යවරිය අනතුරු අඟවූවාය.

පාසල් දරුවන් ඉන් මුදවා ගැනීම ආරම්භ කළ යුතු බවත් ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ කටයුතු පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය මේ ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *