දැඩිව පරික්ෂා කළ යුතු රතු ලේබල් කන්ටේනර් 323ක් නිකන්ම වරායෙන් එළියට…!

January 22, 2025 at 11:34 am | by emanisa.lk

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහලුම් විශාල ප‍්‍රමාණයක් අඩංගු කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජය මහතා පෙන්වා දෙන්නේ මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහලුම් අතුරින් සියයට අසූවක් පමණම දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා බවයි.

මෙවන් බහලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බව පැවසූ සභාපතිවරයා පරීක්‍ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට මගින් අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඕනෑම නීති විරෝධී ද‍්‍රව්‍යයක් රට තුළට ගෙන ආ හැකි බවයි.

මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් හෙතෙම මාධ්‍ය හමුවූ අමතමින් තව දුරටත් පැවසුවේය. රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් අද (22) දිනයේ තම රාජකාරිවලින් ඉවත් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *