ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බව දළදා මාලිගාව නිවේදනය කරයි.
දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති අතර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත්පිළිවෙත් අඛණ්ඩව සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් දළදා මාලිගාව සඳහන් කරයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.