අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුවෙකුගේ පුත්‍රයකු වන අරුත් මැන්ඩිස් නම් 23 හැවිරිදි තරුණයෙකි.
ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.