දරුවන් ප්‍රාණ ඇපයට ගන්න ඉඩදිය යුතු නෑ..! විභාග අත්‍යවශ්‍ය සේවා කිරීම හරි…! විපක්ෂ නායකයින්ගේ සහයත් ආණ්ඩුවට..!

April 20, 2023 at 6:44 pm | by emanisa.lk

ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම් දිගින් දිගට ම පමා වන්නේ නම් විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බවට පක්ෂ නායකයින් අතර ඉල්ලීමක් තිබූ බව මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

“පළවෙනිදා ගන්නවා අත්‍යවශ්‍ය සේවා පනත පිළිබඳ විවාදයක්. ඉතින් එතකොට ප්‍රශ්න කළා ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම් පිළිබඳව කථිකාචාර්යවරුන්ගේ සංගමය අරන් තියෙන තීරණය පිළිබඳවත්. දැන් ජනාධිපතිතුමා සමහර විට ඒකත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරයි ද කියන ප්‍රශ්නයකුත් පැන නැගුණා.

පක්ෂ නායකවරුන් අතරත් එහෙම කළයුතුයි කියලා ඉල්ලීමකුත් තිබුණා. අවශ්‍යවුණොත් එහෙම පත්කරලා හරි මේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ඉක්මනට කරලා නිමා කළ යුතුයි. මොකද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රාණ ඇපකරුවන් හැටියට තියාගෙන තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට කරන උත්සාහය පිළිබඳව දැඩි විවේචනයකුත් තිබුණා.”

අද (20) පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස