දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු රටවල විදුලි ගාස්තු සමග සැසඳීමේදී මෙරට විදුලි පාරිභෝගිකයන් ඉහළ විදුලි බිලක් ගෙවන රටවල් අතර සිටින බව බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.
කලාපයේ වාණිජ පරිභෝජනය සම්බන්ධයෙන් විදුලි දෙවන ඉහළ අගයක් ගන්නා රට ලෙස මෙරට සඳහන් වන බවත් එහි පළමු රට සිංගප්පූරුව බවත් ඔහු සඳහන් කරයි.
මධ්‍යම ප්‍රමාණයේ නිවාස අතරින් විදුලි ගාස්තු ගෙවීමේ මිල ගණන් අතරින් ඉහළින් ම සිටින්නේ සිංගප්පූරුව බවත් දෙවන ස්ථානය පිලිපීනය බවත් තෙවන ස්ථානය ලංකාව බවත් හෙතෙම සඳහන් කරයි.
කර්මාන්තශාලා වැඩි ම විදුලි මිල අනුව පිළිවෙළින් සිංගප්පූරුව, හොංකොං හා ශ්‍රී ලංකාව සිටින බවත් මීට වඩා විදුලි බිල වැඩි කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (18) විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංවිධාන කළ මහජන අදහස් දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.