උතුරේ ඉඩම් නිරවුල්කරණ ගැසට්ටුව ඉවත් කරගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.
එම ගැසට්ටුව මගින් දිවයිනේ සෙසු පළාත්වල මෙන්ම උතුරේ ද තමන් භුක්ති විඳින ඉඩම්වල අයිතිය තහවුරු කිරීම සඳහා ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දුන් අතර එලෙස තහවුුරු කළ නොහැකි ඉඩම් රජයේ ඉඩම් ලෙස නම් කිරීම සම්ප්‍රදායයි.
එහෙත් මෙම ගැසට්ටුව පසුගිය 28 වෙනිදා නිකුත් කළ අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ දැඩි විරෝධය එල්ල විය. එය රටේ සංහිඳියාවට බාධාවක් බව ද ඔවුන් සඳහන් කළේය.
ඒ අනුව දකුණේ ක්‍රියාත්මක එහෙත් යුද්ධය ඇතුළු විවිධ හේතු නිසා පසුගිය සමයේ උතුරේ ක්‍රියාත්මක නොවූ එම නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට්ටුව ඉවත් කරගන්නා බව එම අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මේ බව නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් අදාළ ගැසට්ටුව ඉවත් කර ගැනීම පිළිබඳ රජයට සිය ස්තූතියද පුද කළේය.