ඉදිරියේදී ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්රයට ප්‍රමුඛතාව ලැබෙන පරිදි ඉන්ධන බෙදා හැරීමට සලාක ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුට ම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇති බවයි.
ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ විධිමත්ව කරගෙන යෑමට, ඉන්ධන නිකුත් කරන සෑම ඩිපෝවක් සඳහා පෞද්ගලික බස් සංගම් නියෝජිතයෙකු පත් කරන ලෙස අදාළ සංගම්වලට දැනුම් දී ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.