තුසිත හල්ලොලුවට වෙඩි තබා ලිපි ගොනුව පැහැර ගනී….!

May 18, 2025 at 9:36 am | by emanisa.lk

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.
රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය. මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබූ පුද්ගලයන් පළා ගොස් ඇති අතර නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ඔලුව මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය 15 වන දින තුසිත හලුඔලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ද ලබාදෙනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *