රටේ තෙල් සංචිත සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර ප්‍රකාශ කරයි.
රටේ මාස තුනකට තෙල් සංචිත ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට මුජිබර් රහුමාන් සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවද ඔහු අවධාරණය කරයි.
මාස තුනක් තෙල් පිළිබඳ බිය විය යුතු නොවන බවත් රටේ ඇති පෙට්‍රල් ඩීසල් සංචිත ප්‍රමාණවත් දින ගණනද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජනාධිපතිතුමා සිය ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ මුජිබර් රහුමාන් කෝමා තත්ත්වයට පත්ව සිටියේද නැතහොත් කුහකකමදැයි රවීන්ද්‍ර බණ්ඩාර ප්‍රශ්න කරයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.