තිරිඟු පිටි මිල රු. 40කින් යළි ඉහළ යයි..! බේකරි කර්මාන්තය කඩා වැටීමේ අවධානමක…!

May 19, 2022 at 1:20 pm | by emanisa.lk

ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා යොදාගනු ලබන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු 243.50 ක් වන අතර මෙලෙස මිල වැඩි විමත් සමඟ තිරිඟු පිටි කිලෝ 50ක මිටියක් මිල දී ගැනීමට රුපියල් දස දහසකට වැඩි මුදලක් වැයවන බව බේකරි හිමියෝ පවසති.

බේකරි හිමියන් වැඩි දුරටත් පවසන්නේ මේ හේතුවෙන් පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම මිල යළිත් ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම හමුවේ බේකරි කර්මාන්තය කඩාවැටීමේ දැඩි අවදානමක් ඇති බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *