තිරිකුණාමල තෙල් ටැංකි සමූහය ශ්‍රී ලංකා ඉන්දීය සමාගමක් යටතට..!

December 31, 2021 at 12:24 pm | by emanisa.lk

තිරිකුණාමල තෙල් ටැංකි පරිශ්‍රයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එම අමාත්‍යාංශයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවාරයා සඳහන් කළේ” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහා මෙම තෙල් ටැංකි සංවර්ධනයට පියවර ගන්නා බවය.

“IOC සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තව වසර 50කට ඔවුන්ට බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61ක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කොටස් 51%ක් තිබෙන ඉතිරි 49% ලංකා IOC සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගමට පැවරෙනවා.

මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත්කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපති ධූරය හිමිවන්නේ තෙල් සංස්ථාවට. ඒ වගේ ම විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන් සමාගම ගැන.

විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි, මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඍජුව ලබා ගන්න ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තහම සමස්ථ ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙනවා. ලංකා IOC සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *