තායි රාජා ගැන NGOකාරයෝ බොරු කියනවා..! ඇතා ඉල්ලුවොත් නඩු දානවා..! – හිටපු දියවඩන නිළමේ…

July 5, 2023 at 9:21 am | by emanisa.lk

සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දුන් තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවත්, තායි රාජා හස්තියා ලංකාවට ගෙනැවිත් අවුරුදු 37ක් වන බවත් මේ දක්වා ඇතා සුවයෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු එන්ජීඕ නඩ විසින් තායිලන්තයට සපයන බව දැනගන්නට ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී දළදා මාලිගාවට ඇත් පැටවකු පූජා කරන ලෙස රට භූමිපෝල් මහ රජතුමාගෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුදැනුම ඇතිව තමන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එරට රජතුමා ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විසින් 1986 වසරේදී තායි රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කළ බවත් ඔහු පවසයි.

එම ඇත් පැටවා ගෙන ආ දින සිට පසු වෛද්‍ය විජිත කුරුවිට මහාචාර්ය නෙවිල් සිල්වා සහ වෛද්‍ය අශෝක දංගොල්ලගේ අධීක්ෂණය යටතේ හැදුන වැඩුන බවත් තායි රාජාට කිසිම හිරිහැරයක් නොවන බවත් හිටපු දියවඩන නිලමේවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *