ත්‍රිරෝද රථවල අමතර උපාංග සවිකිරීම හා අලංකරණ නිර්නායක මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබේ.
ඒ අනුව ත්‍රිරෝද රථවල අමතර උපාංග සවිකිරීම හා අලංකරණයට අවසර ලබාදීම හා ගාස්තු අයකරගැනීම සම්බන්ධයෙන් අනුමත ගාස්තු එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
මාර්ග භාවිත කරන අයට අනතුරක් හෝ අවහිරයක් හෝ නොවන පරිදි අලංකරණය සඳහා පමණක් තියුණු දාර රහිත ඉණිමගක් රථයේ පිටුපස සවිකිරීම සඳහා රුපියල් 1000ක් ද තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවිකිරීම සඳහා රුපියල් 2000ක් ද අය කරන අනුමත ගාස්තුව ලෙස සඳහන් කර ඇත.