ත්‍රස්ත විරෝධී පනතට නීතීඥ සංගමයේ විරෝධය…!

September 24, 2023 at 9:02 am | by emanisa.lk

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

සමාජයට බලපෑම් එල්ල කළ හැකි මෙම පනත් දෙකට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකිරීමට ද පියවර ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සඳහන් කළේය.

“මේ පනත් දෙකේම තියෙන අන්තර්ගතයන් නීතිය බවට පත්වුවහොත්, සම්පූර්ණයෙන් මේ රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කිරීමකට ලක් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණයක් ගත්තා, රජයට බල කරන්න මේ පනත් දෙකම නීතියක් බවට පත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියලා.

මේ පනත් ඉදිරිපත් කිරීමට පෙර ඒ අදාළ ආයතනයන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි දැනුම තියෙන සමාජ ක්‍රියාකාරීන් සහ සමාජයේ මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කරලා සමාජයට වැඩදායි වෙන ආකාරයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් පනත් ඉදිරිපත් කිරීමට පියවරක් ගන්න කියන බල කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලෙස අපි ඉදිරියේ දීත් සිදු කිරීමට බලාපොරෙත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *