රට තුළ ත්‍රස්තවාදී ක්‍රියාවලියක් නොමැති මොහොතක ත්‍රස්ත විරෝධී මර්දන පනතක් ගෙන ඒම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ තවත් පියවරක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ උපත මැතිවරණය බව පවසන ආණ්ඩුව ම මේ වන විට පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ ජනතාවට අහිමි කොට ඇති බවත් ඊට විරෝධය පාමින් විවිධාකාරයෙන් නැඟී සිටින ජනතාව මර්දනය කිරීමට විවිධ පනත් ගෙන එමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
රට පාලනය කරන ඊනියා ප්‍රභූ පන්තිය මේ සියල්ල කරන්නේ සාමාන්‍ය ජනතාව අතට බලය යෑම වැළැක්වීමට බවත් ඒ සඳහා විවිධ නම්වලින් පනත් ගෙන එන බව ද ලාල්කාන්ත වැඩි දුරටත් පැවසීය.