කොවිඩ් අවසන් කරන් දිනය හරියට කියන්න…! බැරි නම් ගෙදර යන්න…! – හඳුන්නෙත්තිගෙන් ජනපතිට අභියෝගයක්….

June 25, 2021 at 4:58 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය අවසන් කරන දිනයක් ජාතිය අමතා ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසයි.

කොවිඩ් වසංගතය හිඟන්නාගේ තුවාලය කරගෙන තව දුරටත් මේ රටේ ජනතාව භීතියට පත් නොකරන ලෙසත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එහෙයින් වහා ම කොවිඩ් වසංගතය අවසන් කරන දිනයක් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කර එසේ කළ නොහැකි කළ හැකි අයකුට රටේ පාලනය භාර දී ගෙදර යන ලෙස ද හඳුන්නෙත්ති ඉල්ලා සිටියි.

අද පැවැති ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් අතර ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *