ආනයනය කිරීම නතර කර තිබූ කැසිනෝ මැෂින් හා ගේම් මැෂින් නැවත ආනයනය කිරීම සඳහා රජය අවසර ලබා දී ඇත.
කැසිනෝ පනත යටතේ ලියාපදිංචි බලපත්‍ර ලබාගෙන ඇති කැසිනෝ ව්‍යාපාරිකයින්ට පමණක් සිය කර්මාන්ත සඳහා කැසිනෝ මැෂින් සහ අනිකුත් සංචාරක සඳහා ගේම් මැෂින් ගෙන්වීමට අවසර ලබා දී ඇත.
ආනයනය කරනු ලබන්නේ කුමන කැසිනෝ මැෂින් වර්ගය ද, ඒවා ආනයනය කරනු ලබන්නේ කවුද යන්න පිළිබඳව රේගුව තොරතුරු තබාගත යුතු බව ද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.