වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ දේපළ රාජසන්තක කිරීම සඳහා අද (19) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගිය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.
ඒ අතර දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට භාර වී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
ඊයේ (18) දින CID නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර නිවස පරික්ෂා කොට දෙස් විදෙස් මත්පැන් බෝතල් 1009ක්, දුරකතන දෙකක් සහ ඔහුගේ පෞද්ගලික ගිනි අවිය සිය භාරයට ගෙන ඇති බව ද ඇමතිවරයා සඳහන් කරයි.