රට පුරා කළු ගල් වැඩ බිම් රැසක තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොග පසුගිය කාලයේ දී වරින්වර අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
කළු ගල් වැඩපළවල්වලට ගෙන එනු ලබන පුපුරණ ද්‍රව්‍ය මේ ආකාරයට අතුරුදන්වීම හෝ අස්ථානගතවීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂිත අධීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරන්නැයි එම කාර්යාලය රජයට නිර්දේශ කර ඇත.
ගල් වැඩපළවලින් මෙසේ අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ ගල් වෙඩි බෙහෙත්, ඇමෝනියම් නයිට්රේට් සහ වෝටර් ජෙල් යනාදී පුපුරණ ද්‍රව්‍ය විශේෂයන්ය.