තවත් පොරොන්දුවක් ඉටු කරයි… විධායක ජනාධිපති ධුරය අහෝසියි…!

July 20, 2025 at 6:20 pm | by emanisa.lk

ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.

එහෙත් මේ වනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමක් හෝ ඊට අදාළ මූලික කටයුතු සිදුවී නොමැත.

එවැනි තත්ත්වයක් යටතේ, ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම්, එම යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය දැනටමත් තීරණය කර ඇති බව ද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *