තවත් ජනතා ගැටලුවකට විසඳුම්.. අරලිය මැදුරට යාබද මග නැවතත් ජනතාවට…!

October 12, 2024 at 10:53 am | by emanisa.lk

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම තෙක් මාර්ගය යළි මහ ජනතාවට විවෘත කර තිබේ.

මෙම මාර්ගය 2005 වසරේ සිට වසර 19කට අධික කාලයක් වසා තිබූ අතර එහි ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (13) කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලැබීය.

රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව රජය මෙම තීන්දුව ගෙන ඇති අතර මෙමගින් මහ ජනතාවට විශාල සහනයක් ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *