අර කොල්ලො ටිකක් කාර් එකක අවදානම් විදිහට ගිය සිද්දිය ගැන සෑහෙන පිරිසක් අවුල් වෙලා තිබුන. උන් නුවරද කියල හොය හොය බැනලා තිබුන.
මට නං ඒක ඉතාම සාමාන්‍ය වරදක්. තරුන කාලෙදි කොලබද නුවරද ගාල්ලද කියල නෑ ඔහොම වැඩ කරනවා. උන්ව පොලිසියෙන් අල්ලනකල් බුකියෙ කෑ ගහන එක අසනිපයක්.
ඒක නීතියට වඩා උන්ගෙ විනෝදය තහනම් කිරීමෙ උවමනාවක්. ඉතා සුළු වැරදිවලට පවා මිනිස්සු මේ විදිහට උඩපනින්නෙ සාමාන්‍ය මනුස්ස ජීවිතේ බය කරලා, තරවටු කරලා, ඕනවටත් වඩා කරෙක්ට් කරන්න තියෙන කුහක උවමනාවට.
මේ විදිහට අනුන්ට පාඩමක් උගන්නන්න පෙලෙන ආසාව ලෙඩක්. පොලිසියෙන් උන්ව අල්ලලා දඩයක් හරි මොකක් හරි ගහන එක වෙන දෙයක්. අනිත් උන්ට තියෙන කිචිය නම් අප්පිරිය සහගතයි.
FB