තරුණයින් බෙදා ගන්න බැරිව එජාපය නැවතත් ගිනි ඇවිළෙයි…!

January 22, 2022 at 7:42 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (21) රැස් වූ අවස්තාවේ දී අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක කස්තුරි අනුරාධනායක කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.

සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ 2022 වසරේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අනුරාධනායකට ලබා දී නැති බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දකුණු අත ලෙස ප්‍රචලිතව සිටි අනුරාධනායක කෘත්‍යාධිකාරී මණ්ඩලයට තරුණයන් කිහිප දෙනකු පත් කොට පක්ෂ අභ්‍යන්තරයේ අරගලයක් ආරම්භ කළ නිසා මෙසේ කැපී යන්නට ඇති බව අනුමාන කෙරෙයි.

මේ අතර එජාප උප සභාපති සාගල රත්නායක දෙනියායේ පැවැති රැස්වීමක⁣ට කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් පත්කළ ශෙහාර හේරත් නම් තරුණයකු කැඳවා ගෙන ගොස් ඔහු යොවුන් පෙරමුණේ සභාපති ලෙස හඳුන්වා දී ඇතැයි පවසමින් එජාපය තුළ තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *