තඹුත්තේගම මූලික රෝහලට මහල් හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් වහාම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අදියර දෙකකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඊළඟ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, තඹුත්තේගම මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමිනි.