තම පාසලේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 51කට මාරු…!

January 17, 2024 at 10:04 am | by emanisa.lk

මුදලට උපකාරක පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණ.

ඒ පාසලේ තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබියදීත් ඊට පටහැණිව කටයුතු කිරීම නිසාය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිලි පදනම් කර ගනිමින් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් පසුගිය වසරේ ජුනි මස නිකුත් කරනු ලැබීය.

මාරුවීම් ලද ජනප්‍රිය පාසල්වල ඇතැම් ගුරුවරු විවිධ බලපෑම් සිදු කර මාරු කිරීම් අවලංගු කර ගැනීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *